10 ශ්‍රේණිය · ඉතිහාසය · ඒකකය 10.5 · 2 කොටස

වැව, දාගැබ, රෝහල: ලොව විස්මයට පත් කළ දැනුම

ජලය කළමනාකරණය, ගොඩනැගිලි, සෞඛ්‍යය, ලෝහ කර්මාන්තය... ඓතිහාසික යුගයේ අපේ ජනයා දැනුම ප්‍රායෝගිකව යෙදූ ආකාරය බලමු.

ඉගෙනුම් පලය 1ඓතිහාසික යුගයේ විද්‍යාවේ හා තාක්ෂණයේ භාවිතය හා කාර්යක්ෂමතාව විග්‍රහ කරයි
ඉගෙනුම් පලය 2ඓතිහාසික අතීතයේ දැනුම් පද්ධතිවල උරුමය විස්තර කරයි
ඉගෙනුම් පලය 3පැරණි දැනුම වර්තමාන ජීවිතයට වලංගු බව පෙන්වා දෙයි
1

ජල කළමනාකරණය

වැව් තාක්ෂණය

  • බිසෝකොටුව: වැවෙන් පිටවන ජලයේ පීඩනය පාලනය කරන සොරොව්වකි
  • රොන්මඩ රඳවන ක්‍රම
  • වැව් පද්ධති (එක් වැවක ජලය තවත් වැවකට)

ඇළ තාක්ෂණය

  • යෝධ ඇළ (ජය ගඟ): කලා වැවේ සිට තිසා වැව දක්වා
  • ඉතා සුළු බෑවුමකින් කිලෝමීටර් ගණනක් ජලය ගෙන යාම
  • ඇළ මාර්ගයේ වැව් රැසකට ජලය සැපයීම

සීගිරි දිය මල්

ගුරුත්වාකර්ෂණය හා ජල පීඩනය පමණක් භාවිතයෙන් ක්‍රියා කරන දිය මල් අදටත් වැසි කාලයේ ක්‍රියා කරයි.

2

වාස්තු විද්‍යාව

ගොඩනැගිලි

  • දැවැන්ත දාගැබ්: ජේතවනාරාමය, අභයගිරිය, රුවන්වැලිසෑය
  • ලෝවාමහාපාය වැනි බහුමහල් ගොඩනැගිලි
  • ගල් කණු, ගල් පඩි

මූර්ති හා කැටයම්

  • සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල්
  • අවුකන බුද්ධ ප්‍රතිමාව
  • පොළොන්නරු ගල් විහාරය

නගර සැලසුම්

  • අනුරාධපුරය හා පොළොන්නරුව සැලසුම් සහිත නගර
  • ප්‍රාකාර, දොරටු, මාර්ග

උද්‍යාන

  • රන්මසු උයන (අනුරාධපුරය)
  • සීගිරි ජල උද්‍යාන
3

සනීපාරක්ෂාව, සෞඛ්‍යය හා වෛද්‍ය විද්‍යාව

සනීපාරක්ෂාව

  • අපද්‍රව්‍ය කළමනාකරණය
  • වැසිකිළි හා මුත්‍රා කැසිකිළි භාවිතය (උදා: රිටිගල, ආරංකැලේ ආරාමවල)

වෛද්‍ය විද්‍යාව

  • මිහින්තලය හා පොළොන්නරුව (අලාහන පිරිවෙන) වැනි ස්ථානවල රෝහල් නටබුන්
  • ශල්‍ය උපකරණ හා බෙහෙත් ඔරු (බෙහෙත් ස්නානය)
  • බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහය වෛද්‍ය ග්‍රන්ථය
4

කුඩා කර්මාන්ත

ලෝහ කර්මාන්තය

සමනලවැව ප්‍රදේශයේ, මෝසම් සුළඟ භාවිතයෙන් ක්‍රියා කළ යකඩ උණු කිරීමේ උදුන් සොයාගෙන ඇත.

ආභරණ හා මැණික්

ආභරණ නිෂ්පාදනය, ලෝහ වාත්තු කිරීම හා මැණික් කර්මාන්තය දියුණු විය.

වෙනත්

කුඹල් කර්මාන්තය, යන්ත්‍ර මන්ත්‍ර, කෙම් ක්‍රම වැනි දේශීය දැනුම.

🗂️ ක්‍රියාකාරකම 1: කුමන ක්ෂේත්‍රයද? 0 / 8

එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.

🌱 අදටත් වලංගුයි: වැසි ජලය රැස් කිරීම, ගුරුත්වයෙන් ජලය ගෙන යාම, දේශීය ඖෂධ... මේ දැනුම අද ජීවිතයටද යොදා ගත හැකියි.

සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 5