ඉගෙනුම් පලය 1රජරට ශිෂ්ටාචාරයේ පරිපාලන හා ආර්ථික කටයුතු විස්තර කරයි
ඉගෙනුම් පලය 2රජරට ශිෂ්ටාචාරයේ සමාජ සංවිධානයේ කාර්යක්ෂමතාව පෙන්වා දෙයි
4.1
පරිපාලනය
පරිපාලනයේ අංශ හතරක් ලෙස මෙය අධ්යයනය කරමු.
විධායකය
- රජු ප්රධාන විධායකයා විය
- යුවරජ (උපරජ), අමාත්යවරු, සෙනෙවි වැනි නිලධාරීන් රජුට සහාය වූහ
- ප්රාදේශීය පාලනයට රට කොටස්වලට බෙදා තිබුණි
ව්යවස්ථාදායකය
- නීති පැනවූයේ රජු ය
- රාජ ආඥා බොහෝ විට ශිලා ලේඛන (පුවරු ලිපි) ලෙස ප්රසිද්ධ කෙරිණි
අධිකරණය
- ඉහළම විනිසුරු රජු ය
- නඩු විභාග කිරීමට විනිසුරුවන් (අක්ෂදර්ශක) පත් කෙරිණි
- ගම් මට්ටමේ ආරවුල් ගම් සභා විසඳූහ
විදේශ ප්රතිපත්තිය
- ඉන්දියාව, චීනය, රෝමය වැනි රටවල් සමඟ තානාපති හා වෙළඳ සබඳතා
- අසල්වැසි රටවල් සමඟ මිත්ර සබඳතා හා ආරක්ෂාව
ආර්ථිකය
ප්රධාන අංශ තුනක්
කෘෂිකර්මය, කර්මාන්ත හා වෙළඳාම.
හේන් ගොවිතැන
- පරිසරයට ගැළපෙන සේ හේන සකස් කිරීම
- කුරක්කන්, මෑ, තල, එළවළු වැනි බෝග
- හේන් සඳහාද බදු අය කෙරිණි
වාරි ගොවිතැන (කුඹුරු)
- කන්න අනුව වගාව (යල, මහ)
- වැව් හා ඇළවලින් ජල සැපයුම
- රාජ්ය අනුග්රහය
- ජලය සඳහා බදු (දකපති)
සත්ත්ව පාලනය
- ගවයන්, මීහරකුන්, එළුවන්
- කිරි, ගිතෙල්, හී සෑම, බර ඇදීම වැනි සේවා
- ගවයාට ඉහළ ස්ථානයක් හිමි විය
කර්මාන්ත
- වළං, ලෝහ, රෙදි, මැණික්, ආභරණ වැනි කර්මාන්ත
- එක් එක් කර්මාන්තයට අයත් ශිල්පීන් හා කර්මාන්ත ගම්
- ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීම
අභ්යන්තර වෙළඳාම
- භාණ්ඩ හුවමාරු ක්රමය බහුලව
- වෙළඳ සංගම් (පූග / ශ්රේණි), වෙළඳ නගර, වෙළඳ ගම් හා කඩ සාප්පු
- නගර අතර මාර්ග ජාලය
- වෙළඳාමට අදාළ නිලධාරීන් හා නීති
විදේශ වෙළඳාම
නැගෙනහිර හා බටහිර අතර මුහුදු මාර්ගයේ මැද පිහිටීම නිසා ශ්රී ලංකාව ජාත්යන්තර වෙළඳාමේ වැදගත් මධ්යස්ථානයක් විය.
- වරායන්: මහාතිත්ථ (මාතොට), ගෝකණ්ණ (ත්රිකුණාමලය), ගොඩවාය
- අපනයන: මැණික්, මුතු, ඇතුන්, කුළුබඩු, ඇත්දළ
- ගනුදෙනු: භාණ්ඩ හුවමාරුව මෙන්ම කාසි (කහවණු, රෝම කාසි) භාවිතය
🗂️ ක්රියාකාරකම 1: ආර්ථිකයේ කුමන අංශයද? 0 / 8
එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.