6 ශ්‍රේණිය · ICT · මොඩියුලය 02 · පාඩම 17

වැඩිදියුණු කරන ලද විද්‍යුත් ලේඛනයක්

අකුරු වර්ගය, ප්‍රමාණය, පාට වෙනස් කරලා, තද පැහැ, ඇල, යටි ඉරි දාලා ලේඛනය ලස්සන කරමු!

මේ පාඩම ඉගෙන ගත්තාම ඔබට පුළුවන්:
  • ලේඛනයක පෙනුමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පාඨ හැඩසව් ගැන්වීමට (format)
  • Home ටැබයේ හැඩසව් මෙවලම් (Formatting Tools) හඳුනා ගැනීමට
1

ඕෂානිගේ බිත්ති පුවත්පත් ලිපිය

විවිධ ආකාරයේ අකුරු!

ඕෂානි තම මිතුරියන් සමඟ පාසලේ අනෙකුත් බිත්ති පුවත්පත් ලිපි කියවද්දී, විවිධ ආකාරයෙන් අකුරු හැඩසව් ගැන්වූ ලිපි දැක්කා. ඒ අනුව තමන් ටයිප් කළ ලිපියත් අලංකාර ලෙස සකස් කරන්න ඇය තීරණය කළා.

හැඩසව් ගැන්වීම (Formatting): අකුරු, ප්‍රමාණය, වර්ණය හෝ පිරිසැලසුම වෙනස් කිරීම වැනි ලේඛනයක පෙළ හෝ වෙනත් මූලද්‍රව්‍යවල පෙනුම සීරුමාරු කිරීම.

2

Home ටැබයේ හැඩසව් මෙවලම්

Aa

1. අකුරු වර්ගය

Font Face – ඊ හිස ක්ලික් කර කැමති අකුරු වර්ගයක් තෝරන්න.

11 ▾

2. අකුරුවල ප්‍රමාණය

Font Size – අංකය ක්ලික් කර ලැබෙන මෙනුවෙන් සුදුසු අගයක් තෝරන්න.

B

3. තද පැහැ

Bold – වචනය තෝරා B ක්ලික් කරන්න.

I

4. ඇල අකුරු

Italic – වචනය තෝරා I ක්ලික් කරන්න.

U

5. යටින් ඉරක්

Underline – වචනය තෝරා U ක්ලික් කරන්න.

A

6. අකුරු වර්ණය

Font Color – ඊ හිස ක්ලික් කර වර්ණයක් තෝරන්න. More Colors මගින් තවත් වර්ණ ලැබේ.

මතක තබා ගන්න

හැඩසව් ගැන්වීමට පෙර, වෙනස් කළ යුතු වචනය හෝ වචන කිහිපය තෝරා (select) ගන්න ඕනේ. ඒ සඳහා මූසිකයේ වම් බොත්තම තද කරගෙන වචන මතින් ඇදගෙන යන්න.

3

ලේඛනය හැඩසව් ගන්වමු!

🖋️ "Self Confidence" ලිපිය ලස්සන කරමු

ලේඛනයේ කොටසක් ක්ලික් කර තෝරා, ඉහළ අංක 1–6 මෙවලම් භාවිත කරන්න.

4

ගළපමු

🧩 මෙවලම සහ කාර්යය

වම් පැත්තේ මෙවලමක් ඔබලා, එයින් කරන කාර්යය දකුණු පැත්තෙන් තෝරන්න.

මෙවලමකාර්යය

📝 පැවරුම 2.1

  • ඔබ මේ දක්වා භාවිත කළ සියලු ම හැඩසව් මෙවලම් (Formatting Tool) යොදා ගනිමින් 1.1 පැවරුමේදී සකස් කළ "මා පිළිබඳ ව" නම් රචනාව වැඩිදියුණු කරන්න.
  • එය සුරකින්න (Save).
5

මට පුළුවන්ද? ✅

ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.

මගේ ලකුණු: