වදන් සැකසුම් මෘදුකාංගයකින් ලේඛනයක් සාදා, සුරකිමු. ඒ වගේම පරිගණකයෙන් සිංහලෙන් ටයිප් කරමු!
ඕෂානිට පැරණි පුවත්පතක වටිනා ලිපියක කොටසක් හමු වුණා. ඇය එය බිත්ති පුවත්පතට දාන්න ගුරුතුමියට පෙන්වූවා.
ගුරුතුමිය කිව්වා: "ඔව්, ඕෂානි මේක අපේ බිත්ති පුවත්පතට දාන්න හොඳ ලිපියක්. ඒත් මෙහෙම ම දාන්න බැහැනේ. පරණ පත්තර කෑල්ලක් නේ. මේ ලිපිය පස්සෙ දවසකත් අරගෙන කර්තෘ හිමිකමටත් හානියක් නොවන සේ වෙනස් කරන්න පුළුවන් විදියට හදා ගන්න ඕනි. ලිපිය නව අලංකාර කර ගන්නත් ඕනි."
කර්තෘ හිමිකම මගින් මූලික කෘතියේ නිර්මාතෘට ඔහුගේ නිර්මාණයට අනන්ය අයිතියක් ලබා දේ. වෙනත් අයෙකුගේ නිර්මාණයක් භාවිත කරන විට, ඒ අයගේ නම සඳහන් කිරීම අමතක කරන්න එපා!
වදන් සැකසුම් මෘදුකාංග යනු පෙළ ලේඛන සෑදීමට, සංස්කරණය කිරීමට සහ හැඩතල ගැන්වීමට භාවිතා කරන වැඩසටහනකි.
මෙම පාඩම්වල රූප සටහන් ලබාගෙන ඇත්තේ "MS Word 2019" භාවිතයෙනි.
ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා ගත හැකි වදන් සැකසුම් මෘදුකාංගයකි.
අන්තර්ජාලය හරහා බ්රවුසරයෙන්ම භාවිත කළ හැකි වදන් සැකසුම් මෘදුකාංගයකි.
මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති ✕ බොත්තම ක්ලික් කරන්න.
File ටැබයේ Open ක්ලික් කර, ලේඛනය තෝරන්න.
Ctrl + S – සුරකින්න
Ctrl + O – විවෘත කරන්න
යතුර පමණක් ඔබන්න.
Shift යතුර සමඟ ඔබන්න.
Alt යතුර සමඟ ඔබන්න.
සුදු කොටුව ඔබා ඔබේ යතුරු පුවරුවෙන් ටයිප් කරන්න, නැත්නම් පහළ යතුරු ඔබන්න. අභියෝගයේ වචනය හරියටම ටයිප් කරන්න!
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.