පරිගණකය සියල්ල ගබඩා කරන්නේ 0 හා 1 ලෙසිනි. සංඛ්යා පද්ධති අතර පරිවර්තනය, දත්ත ප්රමාණ ඒකක හා අක්ෂර කේත ක්රම ඉගෙන ගනිමු.
| පද්ධතිය | පාදය | ඉලක්කම් |
|---|---|---|
| ද්විමය (Binary) | 2 | 0, 1 |
| අෂ්ටක (Octal) | 8 | 0 – 7 |
| දශම (Decimal) | 10 | 0 – 9 |
| ෂඩ් දශම (Hexadecimal) | 16 | 0 – 9, A(10) – F(15) |
13₁₀ ද්විමයට හරවන්න.
1011₂ දශමයට හා ෂඩ් දශමයට හරවන්න.
ද්විමය 101110₂ අෂ්ටකයට හරවන්න.
බිට් (0/1) → නිබ්ල් = 4 bits → බයිට් = 8 bits → 1 KB = 1024 B → 1 MB = 1024 KB → 1 GB = 1024 MB → 1 TB = 1024 GB.
BCD: දශම ඉලක්කමක් බිට් 4න්. ASCII: බිට් 7 (අක්ෂර 128); “A” = 65. EBCDIC: බිට් 8 (IBM). Unicode: සිංහල, දෙමළ ඇතුළු ලෝකයේ සියලු භාෂා.
0 / 5