11 ශ්‍රේණිය · ගණිතය · ඒකකය 11.24 · පාඩම 24

කුලක තුනක වෙන් රූප සටහන්

කුලක තුනක් සහිත ගැටලු (උදා: ක්‍රීඩා තුනකට සහභාගී වන සිසුන්) වෙන් රූප සටහනකින් ප්‍රදේශ අටකට බෙදා විසඳමු.

ඉගෙනුම් පලය 1කුලක තුනක වෙන් රූප සටහනක ප්‍රදේශ සංකේතවලින් ලියයි
ඉගෙනුම් පලය 2කුලක තුනක් සහිත වචන ගැටලු විසඳයි
24.1

ක්‍රමය

  1. මුලින්ම කුලක තුනේම ඡේදනයේ (මැද) අවයව ගණන ලියන්න.
  2. ඊළඟට දෙකකට පමණක් අයත් ප්‍රදේශ.
  3. ඉන්පසු එකකට පමණක් අයත් ප්‍රදේශ.
  4. අවසානයේ කිසිවකට අයත් නොවන අය (සර්වත්‍ර කුලකයේ ඉතිරිය).

✏️ නිදසුන

සිසුන් 50ක: ක්‍රිකට් 25, පාපන්දු 20, වොලිබෝල් 15; ක්‍රිකට් හා පාපන්දු 8, පාපන්දු හා වොලිබෝල් 5, ක්‍රිකට් හා වොලිබෝල් 6, තුනම 3. කිසිවක් නොකරන අය?

  • n(C ∪ F ∪ V) = 25 + 20 + 15 − 8 − 5 − 6 + 3 = 44
  • කිසිවක් නොකරන = 50 − 44 = 6
සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 4