ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට්, ඩ්රෝන යානා... ජීවිතය පහසු කරන සුහුරු උපාංග හඳුනා ගනිමු.
සුහුරු උපාංග (Smart Devices) යනු බොහෝ විට අන්තර්ජාලයට සම්බන්ධ වී, අපේ වැඩ පහසු කරන නවීන තාක්ෂණයෙන් යුත් ඉලෙක්ට්රොනික උපකරණයි.
වේලාව, පියවර ගණන, පණිවිඩ බැලිය හැකියි.
ඇමතුම්, ඡායාරූප, අන්තර්ජාලය – හැම දෙයක්ම අතේ!
කියවීමට, ඉගෙනීමට, චිත්ර ඇඳීමට පහසුයි.
ඡායාරූප ගෙන කෙලින්ම යවන්න පුළුවන්.
Smart Glasses – කණ්නාඩියේම තොරතුරු පෙන්වයි.
Smart TV – අන්තර්ජාලයෙන් වීඩියෝ නැරඹිය හැකියි.
අද වන විට රූපවාහිනී යන්ත්රය, ශීතකරණය, රෙදි සෝදන යන්ත්රය, විදුලි උදුන, ආරක්ෂිත කැමරා වැනි නිවසේ භාවිත කරන බොහෝ උපකරණද සුහුරු උපකරණ ලෙස නිපදවා ඇත.
මේවා අන්තර්ජාලය භාවිතයෙන් ඕනෑම තැනක සිට හැසිරවිය හැකියි. ඒ සඳහා බොහෝ විට ජංගම දුරකථනය භාවිත කරනවා.
වම් පැත්තේ උපකරණයක් ඔබලා, එය භාවිත කරන අවස්ථාව දකුණු පැත්තෙන් තෝරන්න.
නවීන පන්ති කාමරවල භාවිත කරන සුහුරු පුවරුව (Smartboard) මත අතින් හෝ විශේෂ පෑනකින් ඇඳිය හැකියි, ලිවිය හැකියි, ඉදිරිපත් කිරීම් පෙන්විය හැකියි.
අද අපි භාවිත කරන සුහුරු දුරකථන, මීට වසර 20කට පමණ කලින් සාමාන්ය ජනතාව අතර තිබුණේ නැහැ.
ඩ්රෝන යානාවලින් කුඹුරු ඉහළ සිට ඡායාරූපගත කරලා, රෝග ඇති තැන් පවා හොයන්න පුළුවන්.
සුහුරු උපාංගවල මුරපද (password) කාටවත් නොකියන්න. නොදන්නා අයට ඔබේ තොරතුරු දෙන්න එපා.
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.