10 ශ්‍රේණිය · ගණිතය · ඒකකය 10.23 · පාඩම 23

නියත වෙනසකින් වැඩෙන සංඛ්‍යා

මාසිකව රු. 500 බැගින් වැඩි වන ඉතිරි කිරීම්, පේළියෙන් පේළියට ආසන 2 බැගින් වැඩි වන ශාලාවක්... මේවා සමාන්තර ශ්‍රේඪි වේ.

ඉගෙනුම් පලය 1සමාන්තර ශ්‍රේඪියක් හඳුනා ගනී
ඉගෙනුම් පලය 2n වන පදය සොයයි
ඉගෙනුම් පලය 3පළමු පද n හි එකතුව සොයයි
23.1

සූත්‍ර

අනුයාත පද අතර වෙනස (පොදු අන්තරය d) නියතයි.

Tₙ = a + (n − 1)da = පළමු පදය
Sₙ = n/2 [2a + (n − 1)d] = n/2 (a + l)l = අවසන් පදය

✏️ නිදසුන

3, 7, 11, … හි 10 වන පදය හා පළමු පද 10 හි එකතුව සොයන්න.

  • a = 3, d = 4: T₁₀ = 3 + 9 × 4 = 39
  • S₁₀ = 10/2 (3 + 39) = 210

✏️ නිදසුන

5, 8, 11, … හි 47 කී වන පදයද?

  • 5 + (n − 1)3 = 47
  • (n − 1) = 14 → n = 15

⚖️ ක්‍රියාකාරකම: හරිද? වැරදිද? 0 / 3

සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 4