ඇණ ගලවන යතුරක දිග මිට, දොර අගුල, කරකැවෙන රෝද... බලයකට වස්තුවක් භ්රමණය කිරීමට ඇති හැකියාව බලයේ විශාලත්වය හා භ්රමණ අක්ෂයේ සිට ඇති දුර මත රඳා පවතී.
නිදසුන: ඇණ යතුරක මිට අග සිට 0.25 m දුරින් 40 N බලයක් යෙදූ විට ඝූර්ණය = 40 × 0.25 = 10 N m.
එකම ඝූර්ණය ලබා ගැනීමට දුර වැඩි නම් අවශ්ය බලය අඩුයි. ඒ නිසා දොර අගුල සරනේරුවට ඈතින්ද, ඇණ යතුරුවල මිට දිගටද තනයි.
ඔරලෝසු කටු කැරකෙන දිශාවට භ්රමණය කරන ඝූර්ණය.
ඔරලෝසු කටුවලට ප්රතිවිරුද්ධ දිශාවට භ්රමණය කරන ඝූර්ණය.
සමාන්තර, සමාන හා ප්රතිවිරුද්ධ, එහෙත් එකම රේඛාවේ නොවන බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ. එය වස්තුව ස්ථානයෙන් චලනය නොකර භ්රමණය පමණක් කරයි.
උදා: වාහනයක සුක්කානම කරකැවීම, ජල කරාමය කරකැවීම, බෝතල් පියන ඇරීම, ඉස්කුරුප්පු නියනක් භාවිතය.
එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.
0 / 4